රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව පෝලන්ත මාධ්‍ය වාර්තා කරනවා.
මිසයිලය දියත් කළ ස්ථානය සහ පෝලන්තයට මිසයිලය එල්ල වූ හේතුව තවමත් පැහැදිලි නැති අතර මිසයිල ප්‍රහාරය සමග රුසියානු - යුක්රේන යුද්ධය නේටෝ සංවිධානයේ රටවලට ද පැතිර යාමේ බියක් හට ගෙන ඇතැයි පෝලන්ත මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ නමුත් රුසියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර තමන් පෝලන්තයට මිසයිල එල්ල නොකළ බව පවසනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ සාමාජික රටවල් පෝලන්තයට එල්ල වූ රුසියාවේ නිෂ්පාදිත මිසයිලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දැනට ලැබී ඇති මූලික තොරතුරු අනුව එම මිසයිලය රුසියාව එල්ල කළ එකක් නොවීමට හැකියාවක් තිබෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.
ඉන්දුනීසියාවේ බාලි නුවර සිටින ජී-20 රාජ්‍ය නායකයන් පෝලන්තයට එල්ල වූ මිසයිලය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව ජෝ බයිඩන් මේ බව පවසා තිබෙනවා.
කෙසේවෙතත් ජෝ බයිඩන්ගේ මෙම ප්‍රකාශ තවත් ප්‍රශ්න ගණනාවක් මතු කර ඇති බවත් ධවල මන්දිරයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් ලබා දී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.