මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බව වාර්තා වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩතහනම් කිරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශකරන මෙන් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට අද (16) අධිකරණය හමුවේ පෙනීසිටින දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නොතීසි නිකුත් කර තිබුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.