විදේශගත වන ඥාතියෙකු කටුනායක ගුවන්තොටුපොළ වෙත ඇරලවා පැමිණෙමින් තිබූ වෑන් රථයක් පුද්ගලයින් 11 දෙනෙකු සමග පෙරළීගොස් තිබෙනවා.
අද (16) උදෑසන මීගහතැන්න මංසන්ධිය ප්‍රදේශයේදී සිදුවූ එම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් අනෙක් 10 දෙනා තුවාල ලබා ඇත.
එලෙස මියගොස් ඇත්තේ විදේශගත වූ පුද්ගලයාගේ බිරිඳගේ මව බවයි වාර්තා වන්නේ.
මතුගම සිට හිනිදුම ප්‍රදේශය දක්වා ගමන්ගත් වෑන් රථය රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන එලෙස පෙරළී ගොස් ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් මීගහතැන්න ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඉන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.