මැතිවරණයක් පැවැත්වීමේ කාලවකවාණුව ගැන අද (15) දිනයේ දී පැහැදිලි පිළිතුරක් ලැබුණු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව තිබුණා.
ඒ අනුව ලබන වසරේ මාර්තු 20 වනදා වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් පවසා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.