පසුගියදා (14 ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද (16) සිට සියලුම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇත.
රාජ්‍ය සේවකයින්ට 2016 වසරෙන් පසුව වැටුප් වැඩි වීමක් මෙතෙක් සිදු නොවූ බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසුවා.
කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පසුගිය 01 වැනිදා සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම වැටුප් හා දීමනා සම්බන්ධයෙන් සලකා බලන බවට ප්‍රකාශ කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.