Header Ads

උණුසුම් පුවත්

කොරෝනා ආසාධිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

කොරෝනා වෛරසය ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි SAITM පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සහ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මීට සුළු වෙලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත.

පසුගිදා ඔහුට කොරෝනා වෛරසය ආසාදනය  වී ඇතැයි හදුනාගෙන තිබුණු අතර ඔහුව ප්‍රථමයෙන්  ඇතුළත් කොට ඇත්තේ මාලබේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලටයි.

ඉන් පසුව ඔහු අයි. ඩී. එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර පුතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 91 කි.

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වු හෙතෙම අසූව දශකයේදී දේශපාලනඥයෙකු ලෙස කලක් පානදුරය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. 1976 වසරේ දී කේතුමතී කාන්තා රෝහල රජයට පවරා ගැනීමෙන් පසු එය මාතෘ රෝහලක් බවට පත් කිරීමට මූලිකව කටයුතු කර ඇත්තේ නෙවිල් ප්‍රනාන්දු මහතායි.

අනතුරුව ආශා සෙන්ට්‍රල් රෝහල (අද ‘ද සෙන්ට්‍රල් රෝහල) තුළින් පෞද්ගලික සෞඛ්‍ය සත්කාර සේවයේ දැවැන්ත වෙනසක් සිදු කළේය. 2007 වර්ෂයේදී ආශා සෙන්ට්‍රල් රෝහල විකිණීමෙන් අනතුරුව 2009 වන විට ‘සයිටම්’ නමින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගොඩනැගුවේය.  ඔහු මෙරට ප්‍රධාන පෙළේ මුද්‍රණ හා ඇසුරුම් කර්මාන්ත ශාලාවක්වන JF&I  අයතනයේ පුරෝගාමියා ද වේ.

ඔහු  මහනුවර ධර්මරාජ විද්‍යාලයේ  ආදි ශිෂ්‍යයෙකි.