Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු විදේශ ළමුන් දරුකමට හදා ගැනීම නෙදර්ලන්තය අත්හිටුවයි


නෙදර්ලන්තය විසින් ශ්‍රී ලංකාව ඇතුළු විදේශයන්හි සිට දරුකමට හදා ගැනීම අත්හිටුවා තිබෙනවා.

ඒ නිල පරීක්ෂණයකින් පසු බොහෝ අපයෝජනයන් අනාවරණය වීමෙන් පසුවයි.

1967 සිට 1998 දක්වා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව යන රටවල දරුවන් දරුකමට හදා ගැනීම පිළිබඳව විමර්ශනයේ අවධානය යොමු වී තිබුණා.

ප්‍රාදේශීය ආරක්ෂණ අමාත්‍ය සැන්ඩර් ඩෙකර් පවසා ඇත්තේ ලන්දේසි රජයන් වසර ගණනාවක් තිස්සේ මෙම අපයෝජන සම්බන්ධයෙන් මැදිහත් වීමට අපොහොසත් වී ඇති බවයි.

අල්ලස් ලබා ගත් බවට සාක්ෂි හමු නොවුනත්, ලන්දේසි රජයේ නිලධාරීන් වැරදි ගැන දැන සිටි බවත් සමහරු අපයෝජනයන්ට සම්බන්ධ බවත් විමර්ශන කමිටුව සොයාගෙන තිබෙනවා.

දත්ත වලට අනුව, 1981 සිට 1992 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ළමුන් 2,972 ක් ලන්දේසි පුරවැසියන් විසින් දරුකමට හදාගෙන තිබෙනවා.

තවද, මෙම කාලය තුළ කොලොම්බියාවේ ළමුන් 2,132 ක්, ඉන්දියාවෙන් 1,517 ක්, දකුණු කොරියාවෙන් 1,323 ක් සහ ඉන්දුනීසියාවෙන් ළමුන් 1,252 ක් ද දරුකමට හදාගෙන තිබෙනවා