ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්ය සාධක බළකායේ දී කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස එකොළහකට එන්නත්කරණය සඳහා ලබා දුන් එන්නත් හැත්තෑදහසක තොරතුරු නොමැති බව අනාවරණය වී තිබේ.
එහිදි ජනාධිපතිවරයා පළමු මාත්‍රාව ලබා දීම සඳහා ලබා දී ඇති මෙම එන්නත් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙරටට ගෙන්වා ඇති එන්නත් සහ දැනට සිදු කර ඇති එන්නත්කරණය පිළිබඳව දත්ත පරිගණක ගත කිරීම මේ වන විට සිදු කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇතත් දත්ත පරිගණක ගත කිරීමේදී මෙම එන්නත් පිළිබඳ තොරතුරු නොලැබුණ බවද මෙහි දී හෙළි වී තිබේ.
මෙහිදි ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන ඇමැතිවරු හා මදුර විතානගේ මන්ත්‍රීවරයාද අදහස් දැක්වීමට එක්ව සිටියහ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් නිසි පරිදි එන්නත්කරණයට අදාළ තොරතුරු ලබා නොදෙන බව රැස්වීමට එක්ව සිටි මැති ඇමැතිවරුන්ද පෙන්වා දුන්හ. එය තොරතුරු සැඟවීමක් බව ඔවුහු කියා සිටියහ. කෙසේ නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියා සිටියේ උතුරු – නැගෙනහිර පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් නිවැරැදි තොරතුරු ලබා දුන් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් නිසි පරිදි තොරතුරු ලබා නොදෙන බව සඳහන් කරමින් මිරිහාන පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.
ලබන ජුලි මාසයේ දී එන්නත් මිලියන 6.5ක් අගෝස්තු මාසයේ දී එන්නත් මිලියන පහක්ද, සැප්තැම්බර් මාසයේ දී එන්නත් මිලියන තුනක්ද චීනයෙන් ලැබීමට නියමිත බව මෙහි දී අනාවරණය විය.
ඊට අමතරව ස්පුට්නික් V එන්නත් සහ ෆයිසර් එන්නත්ද ඉදිරි මාසවලදී ලංකාවට ලැබීමට නියමිතය. ඔක්තෝබර් මාසය අවසන් වන විට සැලසුම් කළ එන්නත්කරණය අවසන් කළ හැකි බව ජනාධිපතිවරයා මෙහි දී විශ්වාසය පළ කළේය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




