එළඹෙන සතියේ දී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බවට විවිධ මත පළ වෙමින් තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනත් මන්ත්‍රීවරයකු ඉල්ලා අස් විය යුතු ය.
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වරයා වන බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ඕනෑම මන්ත්‍රීවරයකු සිය අසුන ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසනවා.
යම් මන්ත්‍රීවරයකු මෙලෙස ඉවත් වුවහොත් ඔහුට රජයේ වෙන තනතුරක් ලබා දීමට මේ වන විට විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් පවතිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ "එතුමා වෙනුවෙන් පාර්ලිමේන්තු අසුන ලබාදීමට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය අපි හැමෝම සූදානමින් ඉන්නවා. මං පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන එක ගැන කතා කරන්න වෙලාව නෙමෙයි මේක. එහෙම සූදානමක් ඇත්තෙත් නෑ. එහෙම තියෙනවනම් මේ පළාතේ මේ කටයුතු වලට මම එන්නෙත් නෑනෙ" ලෙසයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




