රජයේ පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන පුද්ගලයන් සඳහා වන දඩ මුදල ඉහල දමන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු කියාසිටියේ එම දඩ මුදල රුපියල් ලක්‍ෂයක් දක්වා ඉහළ දැමීමට නීති සංශෝධනය කරන බවයි.
ඒ අනුව සහල් පාලන මිලට අළෙවි නොකරන්නන්ට දැනට දඩය ලෙස ක්‍රියාත්මක රුපියල් 2,500 ක් ගෙවීමට නියම කර ඇති නීතිය සංශෝධනය වෙනු ඇති.
අදාල රෙගුලාසි ඇතුළත් පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ විධිවිධාන සංශෝධනය කරන බවත් රජය විසින් නියම කරනු ලබන උපරිම සිල්ලර මිලගණන් අළෙවි නොකරනු ලබන අවස්ථාවලදී ඔවුන්ට රුපියල් 100,000 ක දඩයක් පැනවීමට නීති ගෙනෙන බවත් අමාත්‍යවරයා කියා සිටියා.
බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ එසේ වන අවස්ථා ගණන අනුව වැඩිවන දඩ මුදලක් නියම කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය නීති රෙගුලාසි ඇතුළත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




