බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (26) ප්‍රකාශ කළේ මරණීය දණ්ඩනය හිමි වී සිටින සිරකරුවන් 253 දෙනකුගේ දඬුවම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.
ඊට අදාළ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට යොමුකර ඇති බවත් එ මහතා පැවසුවේය.
"ඒ ඉල්ලීම අපි අධිකරණ ඇමතිතුමාට යොමු කරලා තියෙනවා. මරණ දඬුවම හිමිවී සිටින සිරකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම දෙන්න කියලා අපි ඒ ඉල්ලීම කළා. බන්ධනාගාරගත වන රැඳවියෙක් නැවත සමාජගත කරනකොට සමාජයට වැඩක් කරන්න පුළුවන් යහපත් පුරවැසියෙක් කරලා එළියට දාන්න තමයි අපේ බලාපොරොත්තුව," යනුවෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




