ඖෂධ නිශ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.පාසල් විවෘත කිරීමට පෙර පාසල් සිසුන්ට එන්නත ලබාදීම වැදගත් බව පෙනී ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .
ඉතා නුදුරේදීම අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට කොරෝනා එන්නත් ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය .තවදුරටත් මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේ එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල කිසිදු ප්‍රශ්නයක් නැති බවයි.




