පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇත. මුළුතැන්ගෙයි සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා පාර්ලිමේන්තු මුළුතැන්ගෙය තාවකාලිකව වසා ඇතයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතාගෙන් පැවසුවේ මේ තත්වය නිසා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මුළුතැන්ගෙයින් ආහාර සැපයීමද සිදු නොකෙරුණු බවයි.වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ ආසාදිත සේවකයකු හමුවී ඇතත් මේවනවිට කොරෝනා අවදානම් තත්වය පහව ගොස් ඇති බවයි.වේත්‍රධාරිවරයා වැඩි දුරටත් පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කොරෝනා පරීක්ෂණවලට අද යොමු කරවන බවත් කැමතිනම් පමණක් මන්ත්‍රීවරුන්ට ඒ සඳහා යොමු විය හැකි බවයි..
කෙසේ වෙතත් මුලුතැන්ගෙය හෙට දින නැවතත් විවෘත කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුව හෙට උදේ 10.00ට රැස්වීමට නියමිතයි.




