මිහිඳුසෙත්පුර පොලිස් මුරපොලේ මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. දෙමටගොඩ මූලස්ථාන පොලිසිය යටතේ මෙම පොලිස් මුරපොළ ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
සොරා ගත් භාණ්ඩ ඇළකට විසිකකළ බවට සැකකරුවන් පවසන බව පොලිසිය කියයි. ඒ අනුව මුදල්, ජංගම දුරකථන, මුදල් පසුම්බි, පොලිස් හැදුනුම්පත් සහ බැංකු කාඩ් ඇතුළු රුපියල් 25000 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සොයාගැනීමට මේ දක්වා නොහැකි වී ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් දෙමටගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩි දුර පරීක්‍ෂණ කරන බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් දෙමටගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩි දුර පරීක්‍ෂණ කරන බවත් පොලිසිය පවසයි.