ශ්‍රී ලංකාවේ වේගපන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කෝවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔහුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති අතර අද පැවැත්වෙන තරගයට බිනුර ප්‍රනාන්දු සහභාගී වීම අවිනිශ්චිත බවයි වාර්ථා වන්නේ.
ඕස්ට්‍රේලියාව සමග පැවති පළමු තරගයේදී ඔහු සිය පන්දුවාර හතර තුළ කඩුලු දෙකක් පිට පිට බිද හෙලීමට සමත් වුණා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරු 1:30 ට ආරම්භ වීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



