ලෝක ජනගහනයෙන් සියයට 70ක් පමණ කොවිඩ් මර්දන එන්නත් ලබාගන්නේ නම් වසංගතයේ උග්‍ර අවධිය මේ වසරේ අවසන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් පවසයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ එන්නත්කරණ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ වගකීම ඇත්තේ ජනතාව මත බවත් 70% ක ඉලක්කයට ළඟා වුවොත් වෛරසයේ උග්‍ර අවධිය සැබැවින්ම මෙම වසරේ අවසන් වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
අප්‍රිකාවේ නිපදවන ලද පළමු කොවිඩ් මර්දන එන්නත නැරඹීමේ සංචාරයකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



