අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් හටගත් සංකූලතාවන් නිසා පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 සහ 34 යන වයස්වල පසුවන තලෙයිමන්නාරම සහ පේසාලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු හදිසියේ රෝගාතුර වීමෙන් මන්නාරම රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් දෙදෙනෙක් මෙලෙස මිය ගොස් ඇත.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය මහ රෝහලේ දී පවත්වා ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු අනෙක් පුද්ගලයන් දෙදෙනා රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලීසිය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




