21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට (03) සියලු පක්ෂ නායකවරුන් රැස්වීමට නියමිතයි.
ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ රැස්වීමක් අද (02) පෙරවරු 10ට පාර්ලිමේන්තුව සංකීර්ණයේ දී පැවැත්වෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.
ඔහු කියා සිටියේ ලබන සදුදා ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර සියලු පක්ෂවල නායකයින් සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




